AI යුගය ඇරඹුන වගයි

2020න් පටන්ගත්ත දශකය Age of AI කියල තමයි හඳුන්වන්නෙ. එහෙම කීවට AI එහෙමත් නැතිනම් Artificial Intelligence හෙවත් කෘතිම බුද්ධිය කියන දේ මීට අවුරුදු පණහකටත් එහා තරම් ඈතකදි කතාබහට ලක්වෙන්න ආරම්භ වෙච්චි ‌දෙයක්.

මිනිස්සුන්ට විතරක් කරන්න පුලුවන් යැයි සැලකෙන වැඩ කටයුතු කරන්න පුලුවන් කම්පියුටර් ප්‍රෝග්‍රෑම්ස් වලට අපිට සරලවට AI කියල කියන්න පුලුවන්. ඒ කියන්නෙ තොරතුරු දුන්නාම අලුත් දේවල් ඉගනගන්න, තොරතුරු මත පදනම්වෙලා ප්‍රශ්න විසඳන්න වගේම තීරණ ගන්නත් මේ වැඩසටහන් වලට පුලුවන්. හරියට අපි හැමදාම අලුත් දේවල් ඉගනගන්නවා වගේ මේ ප්‍රෝග්‍රෑම්වලටත් අලුත් දේවල් ඉගනගන්න පුලුවන්.

සාමාන්‍යයෙන් ෆේස්බුක් වගේ සෝශල් මීඩියා වල හෑලි නොලියන්නෙක් වන මමතුමා මේ වගේ දෙයක් ලියන්න හිතුවෙ ඇයි.. ඒකට හේතුව තමා දැන් මේ කියන AI ප්‍රොගෑ්‍රෑම්ස් හොඳ සොෆිස්ටිකේටඩ් ලෙවල් එකකට ඇවිත් තියන එක. මේ බලසම්පන්න AI වැඩසටහන් මිනිස්සුන්ගෙ රැකියා වලට බලපෑම් කරන්න පුලුවන් මට්ටමට එන්න පටන් අරගන තියන එක. කොටින්ම කිව්වොත් ඇතැම් රැකියා දැනටමත් AI programs වලින් රිප්ලේස් වෙන්න යන එක සහ ඒක දැනටමත් ආරම්භවෙලා තියන එක.

කෙනෙක්ට හිතෙන්න පුලුවන් එහෙම කීයටවත් වෙන්න බෑ මිනිස්සුන්ගෙ තියන නිර්මාණශීලීත්වයට Computer program එකකට කිට්ටුවෙන්නවත් බෑ කියල. ඇත්ත. නමුත් ඩේටා පොයින්ට්ස් බර ගාණක් යොදවලා ට්‍රේන් කරවලා තියන මේ AI models වලට කරන්න පුලුවන් දේවල් දැනටමත් ඒවා පාවිච්චි කරන අය හොඳටම දන්නවා. උදාහරණයක් කිව්වොත් AI program දැන් පොයම් එකක් , කතන්දරයක් ලියන ලෙවල් එකට ඇවිත් තියනවා. ඒ වගේම බොහොම අපූරුවට Graphics සහ Photos generate කරන්න ඒවට පුලුවන් බව පහුගිය ටිකේ මම වගේම තවත් අය පල කරපු මිඩ්ජර්නි ජෙනරේටඩ් ඉමේජස් දැක්ක අයට තේරෙනවා ඇති. මිනිස්සුන්ගෙ තියන නිර්මාණශීලීත්වය Machine learning හරහා බොහොම අපූරුවට මිමික් කරන්න ඒවට දැන් පුලුවන්.

හොඳම උදාහරණය, මම පුද්ගලිකව දන්න Content writers ලා කීප දෙනෙක්ටම දැන් එයාල සේවය කරපු දේශීය සහ විදේශීයශීය සමාගම් වලින් ඉවත්වෙන්න සිදු වෙලා තියනවා. එයාල කලේ රිසර්ච් කරල ඔප්ටිමයිස් නොකරපු ආටිකල් ඒ සමාගම් වලට විකුණපු එක. ඒ සමාගම් ඒ ආටිකල් ඔප්ටිමයිස් කරලා එයාලගෙ වැඩවලට භාවිතා කරා. නමුත් දැන් එයාලට AI programs තියන නිසා research කරල raw articles ලියවාගන්න සේවකයන් අවශ්‍ය නැහැ. ඔය එක උදාහරණයක් විතරයි.

හැබැයි මේවට සුපර්විශන් එකක් වගේම වෙන්න ඔ්න දේ කියන්න (Prompts) , AIs ලව ට්‍රේන් කරවන්න මිනිස්සු අත්‍යෘවශ්‍යයි.. දැනට.. දැනට කියල කියන්න හේතුව මේවා කොයි ලෙවල් එකට දියුණු වෙයිද කියල තාම අපි දන්නෙ නැති නිසා. ලෝකෙ තියන ලොකුම සමාගම් ඩොලර් බිලියන ගාණක් පොම්ප කරලා පටන්ගත්ත AI Projects බර ගානක් වගේම Startups විශාල ප්‍රමාණයක් දැනටමත් තියනවා. පේන විදිහට නම් Imagination is the only limit කියල තමයි පෙනී යන්නෙ.

ඉතින් මේ AI Era එකේදි තමන් ඉක්ස්ටින්ක්ට් වෙලා නොයන්න, තමන් යල් පැන නොයා ඉන්න, තමන්ගෙ රැකියාවේ සුරක්ෂිත භාවය ආරක්ෂාකරගන්න හැම කෙනෙක්ටම මේ දේවල් ගැන ඉගනගන්න වෙනවා. ඒක තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අයටත් වඩා ලොකුවටම බලපාන්නෙ අනිකුත් ක්ෂේත්‍රවල අයට. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අයත් බේරිලා නෑ. එයාලට මේ ගැන ඉගනගන්න වෙනව. නුදුරු අනාගතයේ හැම රැකියාවකටම AI කොටසක් සම්බන්ධ වෙන එක වෙනවාමයි. එතකොට ඒ විදිහට වැඩකරන්න බැරි අය සොබාවිකව රැකියා ක්ෂේත්‍රයෙන් වරණයට ලක්වෙනව. ඒ නිසා මගේ හිත මිතුරු හැමෝටම කියන්නෙ AI ගැන ඉගන ගන්න. විශේෂයෙන් Prompt Engineering ගැන ඉගනගන්න.
AI ගැන බොහොම උනන්දුවක් දක්වන කෙනෙක් විදිහට සහ දැනටමත් රැකියාවේ වැඩකටයුතු පහසු කරගන්න AI දිනපතා භාවිතා කරන්නෙක් විදිහට මම ඉදිරියේදී විවිද දේවල් මේ සම්බන්ධයෙන් ලියන්න බලාපොරොත්තු වෙනවා. මේ තියෙන්නෙ AI Gold Rush එකේ ආරම්භකම කාලෙ. ඒකෙන් වැඩක් ගන්න…….

පහල ඇල්බම් එකේ තියෙන්නෙ මම විවිද Generative AI Software වලින් Generate කරගත් පින්තූර කිහිපයක්.