Adobe Firefly, නවතම Generative AI

Midjouney AI, Stable diffusion වගේ පින්තූර ජෙනරේට් කරන්න පුලුවන් ජෙනරේටිව් AI ගොන්නට එකතු වෙච්චි අලුත්ම සාමාජිකයා තමයි Adobe Firefly. Graphics ලෝ‌කෙ මහ දැවැන්තයෙක් වෙන , photoshop වගේ සෑහෙන පිරිසක් භාවිතා කරන graphic සොෆ්ට්වෙයා නිර්මාණය කරන Adobe සමාගමට generative AI එකක් කියන්නෙ තියෙන්නම ඔ්න දෙයක්.

මේ මාසෙ අග (2023 මාර්තු) Firefly ගෙ බීටා වර්ෂන් එකක් පොදු ජනයාට පාවිච්චි කරන්න එළියට දාල තියනවා. මේක තවම ඉන්වයිට්ස් ඔන්ලි. ඒ කියන්නෙ වේටින් ලිස්ට් එකේ ඉන්න වෙනවා. ඒ වගේම තාම කොමර්ශල් යූස් වලට පාවිච්චි කරන්න බැහැ.

මට අද උදේ Firefly වලට ඇක්සස් හම්බඋනා. තාම ලොකුවට යමක් කරල බලන්න වෙලාව නොලැබුනත් පොඩි පොඩි පරීක්ෂණාත්මක නිර්මාණ ටිකක් කරල බලන්න වෙලාව තිබුනා. පහල ඇල්බම් එකේ තියෙන්නෙ Firefly AI ගෙන් ජෙනරේට් කරපු ග්‍රැෆික්ස් කීපයක්.

බීටා වර්ෂන් එකක් විදිහට ඉතාමත්ම හොඳයි. මිජ්ජර්නි වලට වඩා සෑහෙන ලොකු ස්පීඩ් එකක් තියනවා. සාමාන්‍යයෙන් generative ai එකක එන අභව්‍ය සිද්දි.. මිනිස් රූප වල අත්වල ඇඟිලි අවුල් යන එක, මූණු සමමිතික නොවීම එහෙම තියනවා මේකෙ. හැබැයි හැම තිස්සෙම නෙමෙයි. ප්‍රඩක්ෂන් රිලීස් එකේදි සෑහෙන හොඳ ප්‍රඩක්ට් එකක් එලියට එයි කියලා හිතෙනවා. මේක අනාගතයේ ඇඩෝබි ක්‍රියේටිව් කලවුඩ් එකත් එක්ක එයාලගෙ ෆොටෝෂොප් වගේ මෘදුකාංග එක්ක ඉන්ටග්‍රේට් වේවි. එහෙම උනාම සෑහෙන දෙයක් ඉතාම පහසුවෙන් කරගන්න පුලුවන් වේවි.

මෙන්න ලින්ක් එක. මෙතනින් ගිහිං ඔයාලටත් බීටා වර්ෂන් එකට ඇක්සස් ඉල්ලගන්න පුලුවන් https://firefly.adobe.com/

Update: 4 , ජූනි 2023 – දැන් වේටින් ලිස්ට් එකේ ඉන්නෙ නැතිව ඇඩෝබි Firefly භාවිතා කරන්න පුලුවන්.